සිරියානු මහමැතිවරණය පැවැත්වෙයි

සිරියානු මහමැතිවරණය ඊයේ පවත්වනු ලැබුණා. එහිදී එරට මහජන සභාවට සාමාජිකයන් 250 දෙනකු පත් කරගැනීමට නියමිතයි.මෙවර මහමැතිවරණය සඳහා අපේක්ෂකයන් 1,656 ක් ඉදිරිපත්ව තිබුණා.

ඉන් 200 ක් කාන්තාවන්. ඡන්ද මධ්‍යස්ථාන 7,277 ක මැතිවරණය පවත්වනු ලැබූ බවයි වාර්තා වුණේ.මෙම මැතිවරණය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත වූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් දෙවරක් කල් දමනු ලැබුණා.විපක්ෂ ක්‍රියාධරයින් පෙන්වා දෙන්නේ මෙය පාලක අරාබි සමාජවාදී බාත් පක්ෂයේ පාලනය ශක්තිමත් කරන ක්‍රමවේදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් නොවන බවයි.

සිරියාවේ දේශපාලන පක්ෂ කිහිපයක් නීත්‍යනුකූලව ක්‍රියාත්මක වුවද ඒවායෙන් බොහොමයක් බාත් පක්ෂයේ නායකත්වය යටතේ වන ජාතික ප්‍රගතිශීලී පෙරමුණ නම් වූ සන්ධානයකට අයත් වනවා. පසුගිය මැතිවරණයේදී එරට පාර්ලිමේන්තු ආසන 250න් 200ක් මෙම සන්ධානය විසින් දිනාගැනුණා. ඉතිරි ආසන දිනාගත්තේ ස්වාධීන මන්ත්‍රීන් විසිනුයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor