
රග්බි සංගම්වල ඒකමතික තීරණය අනුව එම සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත් වන්නට නියමිත රිස්ලි ඉල්ලියාස්,පවතින වසංගත තත්ත්වය හමුවේ රග්බි ක්‍රිඩකයන් මුහුණ පා තිබෙන රැකියා අහිමිවීමේ ගැටළුව විසඳීමට මෙන්ම,ක්‍රීඩකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍යය සැළසුම් කිහිපයක්ම ක්‍රියාවට නංවන බවද අප කළ විමසීමකදී පැවසීය.
තමාට මේ වන විට සභාපති තනතුර සඳහා සියල්ලගේම ආශිර්වාදය ලැබ ඇති බවත්,හිටපු සභාපතිවරයා ද තමන්ට ආශිර්වාද කරමින් ඉවත් වී සහය පළකිරිම සතුටුදායක තත්ත්වයක් බවත් පෙන්වා දෙන රිස්ලි ඉල්ලියාස් ඉදිරි සැළසුම් සඳහා තමන් නිල වශයෙන් සභාපති තනතුරේ වගකීම භාරගත යුතු බව ද පෙන්වා දුන්නේය.
එහෙත් මේ තත්ත්වය දැනට පාලනය කිරීමට අදාළ පිරිස් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව පැවසු යෝජිත සභාපතිවරයා,ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ නායක දන්ෂා දයාන් සමඟ මේ වන විටත් සාකච්ඡා කර ඇති බව ද පැවසීය.ඒ සමඟම තනතුර නිල වශයෙන් භාර ගැනීමට පෙර මේ තත්ත්වයට මුහුණ දී සිටින ක්‍රීඩකයන් සමඟද සාකච්ඡා කරන බව පැවසූ රිස්ලි ඉල්ලියාස් තමන් මේ තත්ත්වයට මුහුණ දීම අභියෝගයක් හැටියට වඩා ආශිර්වාදයක් ලෙස භාරගන්නා බව පැවසීය.
“අලුතෙන් හිතන්න, වෙනස් කරන්න ඕනි මොහොතක් මට ලැබිලා තියෙන්නෙ.ඒක නිසා නිදහසේ අලුත් පාරක ක්‍රීඩාව සහ ක්‍රීඩකයො රැගෙන යන්න ලැබෙන එක ආශිර්වාදයක්” යනුවෙන් රිස්ලි ඉල්ලියාස් පවසන්නේය.
