සෞදි අරාබියේ සල්මාන් රජු රෝහල්ගත කෙරේ

සෞදි අරාබියේ සල්මාන් රජු වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර තිබෙනවා.

පිත්තාශයේ ඉදිමුම් තත්ත්වයක් ඊට හේතු වී ඇති බවයි සෞදි පුවත් ඒජන්සිය ප්‍රකාශ කළේ.2015 සිට සෞදි අරාබියේ රාජ්‍යත්වය දරන සල්මාන් 84 හැවිරිදි වනවා.

කෙසේ වෙතත් රටේ සැබෑ පාලන බලතල තිබෙන්නේ ඔහුගේ පුත් මොහොමඩ් බින් සල්මාන් අතයි. බින් සල්මාන්ගේ මූලිකත්වයෙන් සෞදි අරාබිය නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී තිබෙනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor