මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් නයිජීරියානු සෙබළු 23 ක් මරුට

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරයකදී නයිජීරියාවේ හමුදා සෙබළුන් 23 දෙනෙක් මියගොස් ඇතැයි එරටින් ලැබෙන වාර්තා කියා සිටිනවා.

මියගිය සංඛ්‍යාව ඊටත් වඩා වැඩි වියහැකි බව පැවසෙනවා. මේ බව මාධ්‍යයට පවසා තිබුණේ නම හෙළි කිරීමට අකමැති වූ හමුදාවන්ට සම්බන්ධ අයෙක් බවයි පැවසෙන්නේ.කට්සිනා ප්‍රාන්තය ජනාධිපති මුහමඩු බුහාරිගේ උපන් ප්‍රදේශයයි. එමෙන්ම එය ඉතා දුගී ප්‍රදේශයක්.

මෙම ප්‍රදේශයේ මෑතකදී ගවයින් සොරකම් කිරීම හා පුව්ගලයින් පැහැරගැනීම ආදියෙහි යෙදෙන මංකොල්ලකරුවන්ගේ කල්ලි නිර්මාණය වී තිබෙනවා.විශ්ලේෂකයන් සැක පහළ කරන්නේ මෙවන් කල්ලි නයිජීරියාවේ බොකෝ හරාම් වැනි අන්තවාදී කල්ලි සමග සබඳතා වර්ධනය කරගෙන ඇති බවයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor