පෝර්ට්ලන්ඩ් හි පොලිසියට අභියෝග කළ “නිරුවත් ඇතීනා”

ඇමරිකාවේ ඔරෙගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුර පොලිසිය ඉදිරියට නිරුවතින් පැමිණි කාන්තාවක් ඔවුන්ට විරෝධය පළ කරනු දක්නට ලැබුණා.

මුහුණු ආවරණයක් පැළඳ සිටි ඇය වීදියක් හරහා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියට පැමිණ ඔවුනට අභියෝග කරන්නට වුණා.ඇය සමග තවත් කිහිප දෙනකු එහි පැමිණි අතර ඔවුන් අත පළිහ ද තිබුණා.පොලිසිය ඔවුන්ගේ දෙපා ප්‍රදේශය වෙත පෙපර් ස්ප්‍රේ බෝල කිහිපයක් එල්ල කළා.

පසුව පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගියා.ඇගේ ක්‍රියාව හේතුවෙන් ඇතමුන් විසින් උද්ඝෝෂකයන්ගේ සහයට පැමිණි දෙවඟනක්, නැත්නම් “නිරුවත් ඇතීනා” ලෙස ඇයව නම් කර තිබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ජනප්‍රිය වූයේ “නිරුවත් ඇතීනා” යන නමින්.පෝර්ට්ල්න්ඩ් හි විරෝධතා අතරතුර විරෝධතාකරුවන් පිරිසක් පොලිස් ස්ථානයකට ද කඩාවැදී තිබුණා. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු නගරයේ උද්ඝෝෂණ නිතර පවතිනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor