
ශ්‍රී ලංකාව, ඉන්දියා හා තුර්කිය කේන්ද්‍රකර ගනිමින් සිදුවන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හයිද්‍රාබාද් පොලීසිය සමත්ව තිබේ.
ඒ තුර්කියේ හෝ ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පවුලකින් රුපියල් ලක්ෂ 34 ක මුදලක් ලබාගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමත් සමගිනි.
හයිද්‍රාබාද්හි පදිංචි ඩී එස් පවන් ශ්‍රිනිවාස් නම් මෙම සැකරකරු අවුරුදු 25කවන අතර ඔහුට MBA උපාධියක්ද තිබේ. ඔහු එක වකුගඩුවක් පරිත්‍යාග කර ඇති පුද්ගලයෙක්ද වන අතර පසුව එහි ඇති මුදල් ඉපයීමේ හැකියාව සළකමින් වකුගඩු පරිත්‍යාග කරන්නන් හා අවශ්‍යවූවන් සම්බන්ධීකරණය කිරීමට ආරම්භ කර තිබේ
හයිද්‍රාබාද් ඒකාබද්ධ කොමසාරිස් ඒ ආර් ශ්‍රිනිවාස් සැකකරු වකුගඩු බද්ධ කිරීම් නවයකට පමණ පහසුකම් සපයා ඇති බවයි.සෑම බද්ධ කිරීමක් සඳහාම ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 6 ක කොමිස් මුදලක් අයකරගෙන තිබේ.
වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්, නවාතැන් පහසුකම් හා වෙනත් වියදම් මෙන්ම වකුගඩු පරිත්‍යාගශීලියාට වෙනුවෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් පවුලකින් ලබාගැනීමෙන් පසු ඔහු සියලු සබඳතා අවහිර කර පසුගිය වසරේ ජුනි මාසයේදී අතුරුදන්ව තිබේ.
ඒ අනුව ලැබු පැමිණිල්ලට අනුව බන්ජාරා හිල්ස් පොලිසිය පසුගිය ජුනි මාසයේදී පවන්ට එරෙහිව වංචා සහ සාපරාධී විශ්වාසය කඩ කිරීමේ නඩුවක් ගොනු කර තිබුණි. .
සැකකරු මුදල් ලබාගැනීමේදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ හෝ තුර්කියේ සිටින ඔහුගේ දන්නා සමීපතමයින් හරහා මෙම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි.
සැකකරු පිළිබඳව කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ සැකකරු එම මුදල් ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා වියදම් කර ඇති බවයි.
සැකකරුට එරෙහිව ඉන්දියාවේ නඩු තුනක් ගොනුකර ඇති අතර වසර එක හමාරකට වැඩි කාලයක් නීති විරෝධී ලෙස වීසා අවසන්ව ශ්‍රී ලංකාවේ රැඳි සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේද වසර එක හමාරක් පමණ සිරගතව සිට ඇත.