
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ලක්ෂ දහයකට පමණ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බවත්, තම රජයක් යටතේ එසේ රැකියා අහිමි වන සෑම පුද්ගලයකුටම රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමට යෝජනා කර ඇති බවත් හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ප්‍රියාන් විජේරත්න මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දඹුල්ල සංචාරක හෝටලයක දී පැවති රැස්වීමකදීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
මෙරට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව ද දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර තිබෙනවා. කිසිදු ආකාරයකින් පොහොට්ටු පක්ෂයට ඡන්දය ලබාදීමෙන් රට ගොඩනැඟීමට හැකියාවක් නෑ. රට ගොඩනැඟීමට හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි.