
යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස් බාලචන්ද්‍රන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවිය.මෙම හමුව සිදු වුයේ ත්‍රිකුණාමලයේ පිහිටි සම්බන්ධන් මහතාගේ නිවසේදීය.
මෙම හමුව ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව හිමිවුණේ නැත.කෙසේ නමුත් ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගෙන් මෙම හමුව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ.
මේ අතර ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී තව ත් පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙක් සමග ද යාපනය ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වයා සාකච්ඡා පවත්වා ඇත.