
1977 න් පසුව ඇයට මුහුණපෑමට සිදුවූ අභියෝග බොහෝය. ඇයගේ නායකත්ව ලක්ෂණ වඩාත් ඉහළින් ප්‍රකට වූයේ ඇය පාලන බලයෙන් ඉවත්වී සිටි වකවානුව තුළදීය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ලෙස ඇයගේ ක්‍රියා කලාපය ඉතා ආදර්ශවත් විය. විවිධ විකල්ප දේශපාලන අර්බුද මැඬපැවැත්වීමට ඇය සමත් වූවාය. සිය දේශපාලන ජීවිතය පුරාම ඇය දැඩි ප්රජාතන්ත්රවාදිනියක වූවාය.
(ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිවුරුම් දෙනු ලැබුවේ 1960 වසරේ අද (21) වැනි දිනයකය. මේ ඒ පිළිබඳව කෙරෙන ආවර්ජනයකි. මෙම ලිපිය අප උපුටා ගනු ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය ඇතුළත් sirimavobandaranaike.org වෙබ් අඩවියෙනි.)
වර්ෂ 1916 අපේ‍්‍රල් මස 17 වැනි දින සබරගමුව මහදිසාව වූ බාන්ස් රත්වත්තේ සහ උඩරට ප්‍රභූ පෙළපතක මහවලතැන්න කුමාරිහාමිගේ වැඩිමහල් දියණිය වශයෙන් සිරිමාවෝ රත්වත්තේ මෙලොව එළිය දුටුවාය. ඇයට සොහොයුරන් සතර දෙනකු ද සොහොයුරියන් දෙදෙනකු ද වූහ. කොළඹ සාන්ත බි්රජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඇය යටත් විජිත පාලන සමයෙහි ඉහළ පිළිගැනීමට ලක් වූ පාරම්පරික වංශවත් පවුලක් නියෝජනය කළ ඩොනමෝර් ආණ්ඩුවේ ඇමැතිවරයෙකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සමග 1940 දී විවාහප්‍රාප්ත වූවාය. ඇමැතිවරයෙකු, නව පක්ෂ නායකවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් තනතුරු දැරූ ඇගේ ස්වාමිපුරුෂයාගේ වගකීම් හා තානාන්තර පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව ඔහුගේ දේශපාලන අභිප්රායන් සාක්ෂාත් කරගැනීමට දිරි දෙමින් ඉතා වටිනා මෙහෙයක් ඇය විසින් ඉටුකරනු ලැබුවා ය. 1959 එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ ශෝකජනක වියෝවීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඉතා අකැමැත්තෙන් වුවද ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ මාවත විවෘත වූ අතර 1960 පැවත්වූ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන ගියා පමණක් නොව ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට ද ඇය සමත් වූවා ය. සිය ක්‍රියාකාරී දේශපාලන කාලය තුළ තෙවරක් අගමැතිනිය ලෙස ද (1960-65, 1970 – 77, 1989-94) එම මුළු කාල වකවානුව තුළම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස ද ඇය තනතුරු දැරුවා ය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලන ගමන් මගෙහි ඓතිහාසික වශයෙන් කැපී පෙනුණ කරුණු දෙකකි. එනම්, යටත් විජිත භාවයෙන් රට මුදා ගැනීමත්, පශ්චාත් යටත් විජිත ලක්ෂණවලින් නිදහස් වූ රාජ්‍යයක් ගොඩනඟා ගැනීමත්ය. මේවා සාක්ෂාත් කරගැනීමට ඇය ගත් පුරෝගාමී පියවරයන් ඉතා ප්‍රබල මෙන්ම නැවුම් ඒවා ද විය. 1956 එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ යටතේ බිහිවූ මහජන එක්සත් පෙරමුණ සභාග දේශපාලන නායකත්වය තුළ යටත් විජිත භාවයෙන් රට මුදාගැනීම සඳහා අරඹන ලද ආයතනික ප්‍රතිසංස්කරණයන් ඇය තවදුරටත් ඉදිරියට ගෙන ගියාය. නව ආණ්ඩුව විසින් රජය සහ රජය සතු සියලූ බලතල සහ ආයතනික මෙවලම් රටේ දේශපාලන, ආර්ථික, සාමාජීක හා සංස්කෘතික අංශ සංවර්ධනය කරා ගෙනයෑම පිණිස යොමු කරවනු ලැබීය.
1959 වසරේ දී එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීම පක්ෂ නායකත්වය තුළ ප්‍රබල රික්තයක් ඇති කළේ ය. මෙම තීරණාත්මක මොහොතෙහි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇයගේ ස්වාමිපුරුෂයා විසින් අරඹන ලද හා නිම නොවූ දේශපාලන උරුමය භාරගනිමින් එය සාර්ථකත්වය කරා මෙහෙය වූවාය. එතුමිය අගමැති ධුරය දැරූ පළමු අවධියේ දී (1960-1965) ආයතන ජනසතු කිරීමේ ක්‍රියාවලිය සහ එමගින් සම්පත් බෙදීයාම සාධාරණීකරණය සඳහා වූ ක්‍රියාවලිය (ඍැාසිඑරසඉමඑසඩැ වමිඑසජැ) දිගටම ඉදිරියට ගෙන ගියාය. රටේ ආර්ථික සංවර්ධනයට බලපෑම් කරන්නා වූ බාහිර බලවේග මැඬපැවැත්වීම පිණිස වූ මූලික ප්‍රතිපත්ති ඇරඹුම් ඔස්සේ රජයේ කාර්යභාරය මැනවින් තහවුරු කිරීමට පියවර ගන්නා ලදී. අගමැතිනිය ලෙස පත් දෙවැනි අවදියේ දී (1970-77) පසු යටත් විජිත සමයේ රට ගොඩනැංවීමෙහි ලා වූ මූලික කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුකරනු ලැබුවේය. එනම්, රජයට නව දැක්මක් සහ දර්ශනයක් ගොඩනඟා ගැනීම, ආයතනික මෙවලම් ඇති කිරීම සහ මේ දෙකටම අනුකූලව භෞතික හා මානුෂික ප්‍රවේශයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමයි. එහිදී ප්‍රමුඛත්වය දෙන ලද සමාජ සාධාරණය සඳහා වූ ප්‍රතිසංස්කරණ විසින් රටේ ජාතික ඒකාග්‍රතාව කෙරෙහි ඇති කරන ලද සෘණවාදී බලපෑම් අවතක්සේවරුවට ලක්නොවිය යුතුය.
පශ්චාත් යටත්විජිතවාදී ආයතන ගොඩනැඟීමෙහිලා කැපී පෙනුනු ඇරඹුමක් වූයේ යටත්විජිත ස්වාමියා සමඟ බැඳී පැවතුණු පෙකණිවැල කපා දැමූ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවයි. 1972 -1975 කාලය තුළ ක්‍රියාත්මක වූ ඉඩම් ප්‍රතිසංස්කරණ මෙවලම් විසින් ඉඩම් අයිතියට සීමා පැනවීම මගින් විදේශීය වැවිලි සමාගම් සතු වතු රජයට පවරාගන්නා ලද අතර, ඒවා කළමනාකරණය ව්‍යාප්තවීම හේතුවෙන් රාජ්‍ය සංස්ථා රාශියක්ම ඉතා වේගයෙන් බිහිවිණි. 1956 න් ඇරඹුණු දේශපාලන ක්‍රියාවලිය මේ පියවරයන් නිසා තවදුරටත් ශක්තිමත් වූයේ ය.
බණ්ඩාරනායක අගමැතිණියගේ සුවිශේෂී මුද්‍රාව මැනවින් කැපීපෙනෙන අංශයක් වූයේ විදේශ ප්රතිපත්තියයි. ඇයගේ දිවංගත ස්වාමිපුරුෂයා විසින් ගොඩනඟන ලද අඩිතාලම මත ශ්‍රී ලංකාවේ නොබැඳි පිළිවෙත තවදුරටත් සංවර්ධනය කර ජාත්‍යන්තර කීර්තිය ලබාගනිමින් ඉතා ඉහළ මට්ටමකට රට ඔසවා තැබීමට ඇය සමත් වූවාය. ලෝකයේ බලවත් රටවල් අතර පවතින සීතල යුද්ධය ඉදිරියේ නොබැඳි පිළිවෙතක රැුඳෙමින්, ජාත්‍යන්තර රැුස්වීම්වලදී දියුණු වෙමින් පවතින රටවල් සමඟ ඉදිරියට යමින් පොදු අභිලාෂයන් සඳහා ඉදිරිපත් වෙමින් සිය අනන්‍යතාව විඳහා දැක්වූවාය. සුපිරි බලවතුන් අතර ඉන්දියන්
සාගරයේ නාවික බලය සඳහා වූ තරගය පසෙක තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස කෙරෙන යෝජනාව එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කිරීමට මුල්තැන ගෙන ක්‍රියා කළාය. තවද, දකුණු ආසියානු ප්රතිපත්තීන් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් හා ගැළපෙන අයුරින් යොදාගැනීමට ඇය වගබලා ගත්තාය.
ඉන්දියාව සමඟ ශක්තිමත්වූත්, සුහදවූත් අන්‍යෝන්‍ය සබඳතාව පවත්වාගෙන යමින් අනෙකුත් ආසියානු බලවතුන් වන චීනය සහ අරාබි ලෝකය සමඟ ද ඒ හා සමාන බැඳීම් ඇතිකරගෙන විශාල පරාසයක් තුළ ක්‍රියාකිරීමට උපායශීලීව මග සලසා ගත්තාය.
1977 න් පසුව ඇයට මුහුණපෑමට සිදුවූ අභියෝග බොහෝය. ඇයගේ නායකත්ව ලක්ෂණ වඩාත් ඉහළින් ප්‍රකට වූයේ ඇය පාලන බලයෙන් ඉවත්වී සිටි වකවානුව තුළදීය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ලෙස ඇයගේ ක්‍රියා කලාපය ඉතා ආදර්ශවත් විය. විවිධ විකල්ප දේශපාලන අර්බුද මැඬපැවැත්වීමට ඇය සමත් වූවාය. සිය දේශපාලන ජීවිතය පුරාම ඇය දැඩි ප්රජාතන්ත්රවාදිනියක වූවාය. එය පැහැදිලි වනුයේ
අගමැති ලෙස මුහුණදුන් බරපතළ අභියෝග දෙකක් සලකා බැලීමෙනි. 1962 රජය පෙරළා දැමීමේ හමුදා කුමන්ත්‍රණය සහ 1971 තරුණයින් නැඟී සිටි අපේ‍්‍රල් කැරැුල්ල යන දෙකයි. තදබල මර්දනකාරී දේශපාලන කණ්ඩායම් යටතේ වුවද ඇය මහජනතාව හා ප්රජාතන්ත්රවාදය කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කළාය. ප්‍රායෝගික නායකයෙකු ලෙස අවශේෂ දේශපාලන පක්ෂ සමඟ සහාය රජයක් පිහිටුවා
ගැනීමට පොළඹවා ගැනීම ද ඇගේ අතිදක්ෂභාවය පෙන්නුම් කළ අවස්ථාවකි. ඇයගේ ස්වරූපයට ගැළපෙන පරිදිම ඇයගේ අවසන් ක්‍රියාව වූයේ මරණයට පැය කිහිපයකට පෙර වසර 2000 මහා මැතිවරණය වෙනුවෙන් තම ජන්දය ප්‍රකාශ කිරීමයි.
ඇය තම දීර්ඝ දේශපාලන ගමන තුළ විවිධ නිලතල හොබවමින් ප්රමුඛ දේශපාලන භූමිකාවක් නියෝජනය කළාය. ඒ සියල්ලටම වඩා මැතිනිය ප්‍රදර්ශනය කළ ඉතා අගනා ගුණ මහිමය වූයේ ඇය තුළ වූ මානව දයාවයි. අවසාන කාලපරිච්ජේදයේදී ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකාවක වශයෙන් සරණ පතා ඇය වෙත පැමිණ විවිධ පුද්ගලයන්ගේ දේශපාලන මත පක්ෂ, පාට ආදිය නොසලකමින් උපදෙස් දෙමින් ඔවුන්ට සැනසුම ළඟාකර දුන්නාය.
එතුමිය දියණියන් දෙදෙනකුගේ සහ එක් පුතණුවකුගේ ආදරබර මවකි. වැඩිමහල් දියණිය සුනේත්‍රා විවිධ දුබලතා සහිත දරුවන්ගේ යහපත උදෙසා සමාජ ක්‍රියාකාරිනියක් ලෙස අගනා සේවයක් ඉටුකරන්නීය. බාල දියණිය චන්ද්‍රිකා අප රට සතරවැනි විධායක ජනාධිපතිණිය ලෙස දෙවරක්ම බලයට තේරී පත් වූවාය. පුතණුවන් අනුර අමාත්‍ය මණ්ඩලයේ ඇමැති ධුර, විපක්ෂ නායකධුර හා පාර්ලිමේන්තු කථානායක ධුර දරමින් රාජ්‍ය පාලන ක්ෂේත්රයෙහි සිය දායකත්වය මැනවින් ප්‍රකට කළේය.