
යුරෝපා සංගමයද ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අනුගමනය කරමින් සිය 5G ජාලවලින් හුවාවේ සමාගම ඉවත් කරන්නට පියවර ගතහොත් නොකියා සහ එරික්සන් සමාගම්වලට එරෙහිව පියවර ගැනීමට චීනය කටයුතු කිරීමේඉඩක් ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසනවා.
විශේෂයෙන්ම හුවාවේ සමාගම ඉවත් කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ 5G ජාල සංවර්ධනයට ඉහත කී සමාගම් දෙක සම්බන්ධ කරගැනීම පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවධානය යොමු වී තිබෙනවා.හුවාවේ සමාගම නොමැති වුවද අවශ්‍ය තාක්ෂණය සැපයීමෙන් බ්‍රිතාන්‍යයට අවශ්‍ය කාලසීමාව තුල 5G ජාලය සම්පූර්ණ කළ හැකි යයි නොකියා සහ එරික්සන් සමාගම් පවසනවා.
