
චීනයේ සිංකියෑං ප්‍රදේශයේ මානව හිමිකම් කඩ කිරීම්වලට අනුබල දුන් බවට චෝදනාවලට ලක් කරමින් චීන ආයතන එකොළහකට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
ඇමරිකානු රජය පවසන්නේ මෙම ආයතනවල ක්‍රියා කලාපය ඇමරිකානු විදෙස් ප්‍රතිපත්තියෙහි හරයන් හා නොගැලපෙන බවයි.මෙම ආයතන සිංකියෑං හි මහජනයා මර්ධනය, රඳවා තබාගැනීම්, බලහත්කාරයෙන් වැඩ ගැනීම සහ ජනතාව දෙස නිරීක්ෂණය කිරීම හා ඔත්තු බැලීම ආදී ක්‍රියාවන්ට සහය වන බවයි ඇමරිකාව පවසන්නේ.
