කාණ්ඩ 4 ක් යටතේ එළැඹෙන 21 වැනි දා ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට සැලසුම්…

කාණ්ඩ 4 ක් යටතේ එළැඹෙන 21 වැනි දා ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සදහන් කරයි.

සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එහි උපසභාපති රජිව් සූරියආරච්චි මහතා පවසයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, සංචාරකයින් සඳහා වනෝද්‍යාන විවෘත කරන්නේ ද පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.

Recommended For You

About the Author: Jayani