කොවිඩ් සමයේදී මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට කෝටි ලක්ෂයක්

කොවිඩ් වසංගතය අතරතුරදී ශ්‍රී ලංකා මහ බැංකුව රජයට රුපියල් කෝටි ලක්ෂයකට අධික අරමුදලක් ලබාදී ඇත.

භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාකාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම මගින් මෙසේ පසුගිය ජනවාරි සිට මේ දක්වා අරමුදල් රැස් කළ බව මහ බැංකුවේ ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය අප්‍රේල් සිට ජුනි මැද භාගය දක්වා කාලයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියෙන් පමණක් මහ බැංකුව රුපියල් කෝටි හැට දහසක මුදල් ප්‍රමාණයක් රජයට රැස්කර දුන් බවද එමගින් අනාවරණය විය.

එක් මාසයක් තුළ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි එකක් පමණක් පැවති නමුත් එම ක්‍රමවේදය වෙනස් කරමින් මැයි සහ ජුනි මාසවල භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක බැගින් පැවැත්වීමටද මහ බැංකුව පියවර ගෙන ඇත.

Recommended For You

About the Author: Editor