මහ කන්නයේ වී වගාවට හෙක්ටයාර් අටලක්ෂයක්

ඉදිරි මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේය.

ඊට අදාළ සැලසුම් කටයුතු හා නිලධාරීන් දැනුවත් කිරීම මේ දිනවල සිදු කෙරෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.මහ කන්නයේ දී බඩඉරිඟු වගාව හෙක්ටයාර් එක්ලක්ෂ දස දහසක වගා කිරීමට ද සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා ගැනීම ආදී කටයුතු සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.

Recommended For You

About the Author: Editor