
ව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
එම නඩුව අද (21දා) විභාගයට ගත් අතර ඇය හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අද අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙසේ සැකකාරිය අත්අඩගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළාය.
නඩුව නැවතත් අගෝස්තු 14 දා කැඳවීමට නියමිතය.