
බෙන් ස්ටොක්ස් පන්දු 57 ක් තුළ ලකුණු 78 ක් නොදැවී ලබා ගනිමින් තරඟයේ අවසාන දිනයේ දී එංගලන්ත කණ්ඩායමකට නොසිතූ විරූ ලකුණු 113 ක ජයක් කොදෙව්වන්ට එරෙහිව ලබා දෙන්නට දායක විය.එම නිසා ජෝ රූට් ගේ හිස් තැන පුරවමින් පළමු ටෙස්ට් තරඟයට බෙන් ස්ටොක්ස් නායකත්වය දුන් අතර එහිදී කොදෙව් කණ්ඩායම ඉදිරියේ පරාජය වී සිටි එංගලන්ත කණ්ඩායම,තෙවන තරඟයට පිවිසිමට පෙර තරඟාවලිය සම කළේ ද බෙන් ස්ටොක්ස්ගේ දස්කම නිසාමය.
පළමු ඉණිමේ බෙන්ගේ සුපිරි ශතකය මෙන්ම දෙවන ඉණිමේ ඔහු රැස් කළ ලකුණු 78 ද විශිෂ්ට එකක් විය.එහිදී එම ලකුණු 78 එංගලන්තයට පන්දු ඕවර් 19 දී කඩුලු 3 ට ලකුණු 129 ක් දක්වා සිය ලකුණු පූවරුව ඉහළ දමන්නට දායක විය.එම ලකුණු 129 කරා එංගලන්තය පිවිසීමේ දී සිව්වන දිනයේ දී ලකුණු 37 ක් ඔවුන් ලබා සිටියේ කඩුලු 2 ක් අහිමි කර ගනිමින්ය.පස්වන දිනයේ ස්ටොක්ස්ගේ පිතිරහඹය නිසා එංගලන්තය පන්දු ඕවර් 11 දී ලකුණු 92 ක් රැස් කළේය.ඒ නිසා සම්පූර්ණ දිනයම මෙන් කාලයක් ප්‍රතිවාදීන්ට ලකුණු 311 ක් රැක ගැනිමේ අභියෝගය ලබා දෙන්නට එංගලන්තයට ඉතිරි කර ගැනීමට හැකි විය.
ඒ වෙනුවෙන් ස්ටොක්ස් ලබා දුන් වාසිය රැක ගන්නට රූට් උපක්‍රමශීලීව කළ පන්දු යවන්නන් මෙහෙයවීම වගේම කොදෙව් ක්‍රීඩකයන්ගේ අලසකම සහ වගකීම් විරහිත බව ද හේතුවෙන් එංගලන්තයට තරඟයේ තෙවන දිනය වර්ෂාවෙන් හේදි යද්දී දක්නිනට නොතිබි ජයක් අවසාන දිනය තුළ ලබා ගන්නට හැකි විය.එංගලන්තය කොදෙව්වන්ට එරෙහිව කළ සටනේදී පන්දුවෙන් වඩාත්ම සාර්ථඛ වූ පළපුරුදු ස්ටුවර්ඩ් බ්‍රෝඩ් ලකුණු 42 ට කඩුලු 3 ක් දවා ගත්තේය.කඩුලු 2 බැඟීන් ලබා ගත් පන්දු යවන්නන් අතරේ පිත්තෙන් දස්කම් දැක් වූ බෙන් ස්ටොක්ස්ගේ දායකත්වය ද දක්නට ලැබුණු අතර ඔහු ලකුණු 30 කඩුලු දෙකක් දවා ගත්තේය.ඔහු විසින් යවන ලද 15 වන ඕවරයේ සිව්වන පන්දුව යැවීමෙන් පසු ආබාධ තත්තවයක් හේතුවෙන් තරඟයෙන් ඉවත් විය.
කොදෙව් ඉණිම ලකුණු 198 දී නිමා වෙද්දී ඊට වඩා දුරක් එය රැගෙන යා යුතු බව සිතමින් ෂමාර් බෘක්ස් (62) සහ ජෙරමින් බ්ලැක්වුඩ් ගත් උත්සාහයට යම් තරමක සහයක් දෙමින් නායක ජේස්න් හෝල්ඩර් ලකුණු 35 ක් ලබා ගත්තද සෙසු ක්‍රීඩකයන්ගෙන් ඊට සැළකිය යුතු දායකත්වයක් නොලැබිණි.ක්‍රේග් බ්‍රේත්වයිට් (12) හැරුණු විට සෙසු සියළුම පිතිකරුවන්ගේ නම් ඉදිරියේ තිබුණේ ලකුණු හැටියට තනි ඉලක්කම්ය.
කෙසේ හෝ තරඟාවලිය එකයි බිංදුවක් ලෙස සමකරන්නට ක්‍රීඩකයෙක් ලෙස එංගලන්ත කණ්ඩායමට බෙන් ස්ටොක්ස් ලබා දුන් සහය නිසා ඔහුට තරඟයේ වීරයා සම්මානය හිමි විය.සිය දෙදරු පිය පදවියේ අභිෂේකය සමඟ නායකත්වය දැරූ ජෝ රූට් ද එය අපූරු තිළිනයක් විය.
ලකුණු විස්තරයට පහත සබැඳියෙන් පිවිසිය හැකිය.
