ලිබියාවට හමුදා යැවීමට ඊජිප්තු පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඊජිප්තුවේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා විදේශයකට හමුදා යැවීම සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ හිමි වුණා.මෙහි අරමුණ ලිබියාවේ යුද්ධයට ඍජුවම සම්බන්ධ වීම බව පෙනී යනවා.ලිබියාවේ ප්‍රධාන කඳවුරු දෙකක් නිර්මාණය වී තිබෙනවා.

එයින් එක් පාර්ශවයක් වන්නේ අන්තර්ජාතික පිළිගැනීම හිමි ලිබියානු ජාතික ගිවිසුම් රජයයි. එය ට්‍රිපොලි අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකයි. මේ අතර ජෙනරාල් කලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාව රටේ නැගෙනහිර දෙස ක්‍රියාත්මකයි. ලිබියානු රජයට තුර්කියේ හා තවත් ඇතැම් රටවල ක්‍රියාකාරී සහය ලැබෙද්දී හෆ්තාර්ට ඊජිප්තුව ප්‍රමුඛ රටවල් කිහිපයක සහය ලැබෙනවා.දෙපාර්ශවය සති කිහිපයක් තිස්සේ සිර්ටේ නගරය අරබයා සටන් වැදීමට සූදානම් වනවා.

මේ පසුබිමෙහි තුර්කිය හා ඊජිප්තුව අතර ද එදිරිවාදිකම් වැඩිදියුණු වී තිබෙනවා. මීට පළමුව තුර්කි හමුදා ලිබියාවට පැමිණියා. ඊජිප්තු හමුදා ද සටනට මැදිහත් වීමට උත්සාහ කරන්නේ එම පසුබිමේයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor