
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (21) තීන්දු කළේය.
ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක්ද ගෙවන ලෙසද බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතාට නියෝගය කරන ලදී.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් සිවිල් අභියාචන මහාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.
ලෆාර් තාහීර් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් යුතු සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවුණි.
සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සජ් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ , එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායකයන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඞ් මහතා පෙනී සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඞ් පෙරේරා මහතා පෙනී සිටියේය.