
කුරුණෑගල දී කඩා බිඳ දැමු ගොඩනැගිල්ල රාජ සභා මණ්ඩපයක් බවට ඔප්පු කළ හොත් තමන් ලබා දෙන ඕනෑම දඬුවමකට යටත් වන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව මහතා ප්‍රකාශ කර සිටියි.
කඩා බිඳ දමා ඇති දෙවන බුවනෙක බාහු රජුගේ රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ස්ථානය අසලට ඊයේ පැමිණි නගරාධිපතිවරයා එය ඉදිකිරිමට යොදා ගෙන ඇති අමු ද්‍රව්‍ය පෙන්වා කියා සිටියේ මෙම ගොඩනැගිල්ල රජ සමයට අයත් එකක් නොවන බවයි.
” මේක ගණිකා මඩමක්, ගබ්සා මධ්‍යස්ථානයක් හැටියට කර ගෙන ගිය තැනක්” නගරාධිපතිවරයා කියා සිටියේය.