දැනට PCR ටෙස්ට් එක්ලක්ෂ 39,591ක් සිදුකරලා

මෙරටින්, අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් 6 දෙනා ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් 2730ක් ලෙස පවතිනවා.

මේ වන විට කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2041ක්.

එසේම වෛරසය ආසාදිතව තවදුරටත් 678 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 5819 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

දැනට පුද්ගලයින් 24,460 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළ මෙරට දී පී.සී.ආර්. පරීක්ෂණ 1130ක් සිදුකර ඇති අතර, මේ වන විට මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. සංඛ්‍යාව එක්ලක්ෂ 39,591ක්

Recommended For You

About the Author: Editor