
තම රට තුළ චීනයේ හුවාවි සමාගමේ ආයෝජන සඳහා සීමා පැනවීමක් නොකරන බව ප්‍රංශ ආර්ථික හා මුදල් ඇමති බෲනෝ ලෙ මෙයාර් පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ සිය 5G ජාල සේවා සඳහා චීන සමාගම සම්බන්ධ වීම බ්‍රිතාන්‍යය විසින් තහනම් කළ පසුබිමකයි. මේ අතර ඇමරිකාව ද එවන් තහංචි එම සමාගමට එරෙහිව පනවා තිබෙනවා.චීනය මෙම ක්‍රියාව සම්බන්ධව ප්‍රතික්‍රියා කිරීමට තර්ජනය කරමින් සිටිනවා.
එමෙන්ම යුරෝපා සංගමයේ රටවල් තම සමාගමට එරෙහිව තහංචි පැනවුවහොත් Nokia හා Ericsson සමාගම්වලට එරෙහිව ද එවන් පියවර ගැනීමට සිතා බලන බව චීනය පවසා තිබුණා.
