
මෙම නොවැම්බර් මස ඕස්ට්‍රේලියාවේ පැවත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.පවතින වසංගත තත්ත්වය පහව යාමෙන් පසු එම තරඟාවලිය 2021 ඔක්තේම්බර් සහ නොවැම්බර් මාස වලදී පැවත්වීමට අවධානය යොමු කර ඇත.එසේම මේ තත්ත්වය නිසා 2022 දී ද පැවත්වීමට නියමිතව ඇති ලෝක කුසලාන තරඟාවලියද වෙනසක් නැතුව පැවත්වීමට අයිසීසී ය අදහස් කරන්නේය
මෙම තීරණය ගත් සාකාච්ඡාවේදී 2023 එක්දින ලෝක කුසලාන තරඟාවලිය පැවත්වීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.එහිදී එම තරඟාවලිය 2023 ඔක්තෝම්බර් සහ නොවැම්බර් කාල වකවානුවලදී පැවත්වීම සැළසුම් කිරීමට අවධානය යොමු කර ඇත.
කල් දැමූ 2020 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පැවත්වීමට යෝජිතව තිබුණේ ඔක්තෝම්බර් මස 18 සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළදී ය.
