
අවිගත් පුද්ගලයෙක් වයඹදිග යුක්‍රේනයේ ලුට්ස්ක් නගරයේදී මගීන් සමග බසයක් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. බසයේ මගීන් 10 ක් – 20ක් වැනි ප්‍රමාණයක් සිටින බව වාර්තා වුණා.
ඔහු ප්‍රකාශ කරන්නේ එම බසයෙහි පුපුරන ද්‍රව්‍ය සවිකර ඇති බවයි. එමෙන්ම පුපුරන ද්‍රව්‍ය සවි කළ තවත් බසයක් නගරයේ වේ යයි ඔහු ප්‍රකාශ කර සිටිනවා.බසය පැහැරගත් තැනැත්තා කවරෙක්දැයි හඳුනාගෙන තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
නමුත් ඔහු සාමාන්‍ය ප්‍රකාශයන් මිස පැහැදිලි ඉල්ලීම් කර නැහැ. ඔහු පවතින ක්‍රමයට විරෝධය පළ කර ඇතත් කුමන ක්‍රමයද, කුමක් සම්බන්ධව ඔහුට ගැටළු ඇත් ද යන්න පැහැදිලිව පවසා නැති බව පොලිසිය පෙන්වා දෙනවා.මේ අතර ප්‍රදේශයෙන් වෙඩි හඬක් ඇසුණ බව යුක්‍රේන රජය මේ වනවිට තහවුරු කර තිබෙනවා.
