
නීතිවිරෝධිව සිදුවන සතුන් දඩයම් කිරීම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දුර්ලභ ගණයේ සතුන් ආරක්ෂා කරගැනීම රජයක වගකීමක් බැවින් ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම් දුන් බවයි.
ඉකුත් 20 වන දා නල්ලතන්නිය මාපකන්ද ප්‍රදේශයේදී කොටි දේනුවක මන්දට හසූ වී මිය ගියා ය.
ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බව අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන වනජීවි ක්ෂේත්‍ර නිළධාරින් දැනුවත් කර නැවත එවැනි සිදුවීම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසට ද අග්‍රාමාත්‍ය වරයා වනජිවි අධ්‍යක්ෂ ජනරාල් වරයාට උපදෙස් දී තිබේ.