ස්විස් නිලධාරිනියට එරෙහි නඩුව කල් යයි

වෑන් රථයකින් පැමිණ නාදුණන පිරිසක් විසින් තමන්ව පැහැර ගත් බවට අසත්‍ය පැමිණිල්ලක් කළ ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් නැමැත්තියට එරෙහි පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් 08 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කර තිබේ.
ඇගේ මිතුරිය වන මාධ්‍යවේදිනි දරිෂා බැස්ටියන් නැමැත්තිය එකි සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට හිතා මතා බාධා කර ඇති බවට අනාවරණ වන්නේ නම් ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය.

දරිෂා බස්ටියන් නැමැත්තිය විමර්ශන ආරම්භයේ සිටිම විමර්ශනවලට බාධා වන අයුරින් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගතියක් වන අයුරින් කටයුතු කර ඇති බව පෙන්වා දෙමින් සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා කළ කරුණු දැක්වීම සලකා බලා ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

Recommended For You

About the Author: Editor