ජාතික සහ අන්තර් ජාතික රග්බි තරඟ සංවිධානය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ තීන්දුව වැට උඩ

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීමට ඉල්ලා ඇති ජාතික සහ අන්තර්ජාතික රග්බි තරඟ සංවිධානය  සම්බන්ධයෙන් වසංගත තත්ත්වය හේතු කරගෙන ස්ථීර පිළිතුරක් දීමට ක්‍රීඩා අමාත්‍යංශය මැලිකමක් දක්වා ඇත.ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ලෝක වසංගත තත්ත්වය හමුවේ තරඟාවලි සංවිධානයට ඇති ඉඩ ඉතා අඩු බවය.ඒ පිළිබඳව සැළකිල්ල යොමු කර ජාතික සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ පුහුණුවීම් කර ගෙන යන මෙන් උපදෙස් ලබා දී තිබේ.වැඩි දුරටත් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මෙම වසංගත තත්ත්වය සමනය වූ පසු තරඟ සංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

ඔක්තෝම්බර් සිට නොවැම්බර් සහ දෙසැම්බර් දක්වා කාලය තුළ 2023 ලෝක සූරතා තරඟ සම්බන්ධයෙන් ආසියානු සුදුස්සන් තේරිමේ තරඟ,ආසියානු අවුරුදු 19 න් පහළ රග්බි තරඟාවලිය යන ජාත්‍යන්තර තරඟද,අන්තර් ක්‍රීඩා සමාජ 20/21 තරඟාවලිය සහ ඩයලෝග් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සම්බන්ධයෙන් ද සංවිධානය සඳහා ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්ෂවරයාට පිළිතුරු ලිපියක් ලියමින් ක්‍රීඩා අමාත්‍යංශය මෙසේ දැණුම් දී ඇත.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor