වන අලි පහරදීම්වලින් දෙදෙනෙක් මරුට

අනුරාධපුර, තලාව කුමාරඑළිය ප්‍රදේශයේ දී වන අලියෙක් පහර දීමෙන් හත්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (21) පාන්දර 4.30ට පමණ මෙම කාන්තාවට අලියා පහර දී ඇත.

පහරදීමෙන් එම කාන්තාවගේ කකුල්වලට බරපතළ තුවාල සිදුව ඇති අතර, තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.


මේ අතර, සූරියවැව වැලිවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමෙන් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පන්සල අසළ, වැලිවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකි. 

මෙම පුද්ගලයා වන අලි කළමනාකරණ රක්ෂිතය තුළට ගොස් ඇති අතර, එහිදී වන අලි පහර දීමට ලක්ව තිබේ.

Recommended For You

About the Author: Editor