මුහුදු කොල්ලකරුවෝ තුර්කි නාවිකයන් පිරිසක් පැහැරගනිති

අප්‍රිකාවේ ගිනි බොක්කේදී මුහුදු කොල්ලකරුවන් විසින් තුර්කි නාවිකයන් 15 දෙනකු පැහැරගෙන තිබෙනවා.

මෙම සිද්ධීයේදී අසර්බයිජාන නාවිකයකු මියගොස් තිබෙනවා.

MV Mozart නම් වූ මෙම නෞකාවේ තවත් තිදෙනකු සිටින බව වාර්තා වනවා. නෞකාව ගැබොන් වෙත ගමන් කරමින් සිටින අතර එම නාවිකයන්ට ආරක්ෂාව සැලසීම සඳහා මැදිහත් වන බව තුර්කි ජනාධිපති රචෙප් තයෙප් එර්දොවාන් එම නෞකාවේ කපිතාන්වරයා අමතා දැනුම් දී තිබෙනවා.

Recommended For You

About the Author: Chamara