ඇමරිකාවේ පොලිස් නිලධාරියකු මහමග පිරිසක් යට කිරීම හේතුවෙන් උද්ඝෝෂණ

ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ ටැකෝමා නගරයේදී පොලිස් නිලධාරියකු විසින් ධාවන තරගයක් නැරඹීමට පැමිණි පිරිසක් මතින් SUV රථයක් පැදගෙන යාම හේතුවෙන් දෙදෙනකු තුවාල ලැබුවා.

සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියට විරෝධය පාමින් ඉරිදා රාත්‍රියේ උද්ඝෝෂණ පැවති අතර එහිදී ගොඩනැගිලි කිහිපයක වීදුරු බිඳ දැමීම් සහ කුණු බාල්දිවලට ගිනි තැබීම් වාර්තා වුණා.

මේ අතර පොලිස් නිලධාරියාගේ ක්‍රියාමාර්ගය පරික්ෂණයට ලක් කෙරෙන බව සහ එය ඉතා බැරෑරුම් ලෙස සලකන බව ටැකෝමා හි නගරාධිපතිණිය ප්‍රකාශ කළා.

Recommended For You

About the Author: Chamara