බදියුදින්ට නොතිසි

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයන්ට අදාලව ප්‍රකාශයක් සටහන් කිරිම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට මිට පෙර අවස්ථා දෙකකදි දැනුම් දිම් සිදුකර තිබුණි.

මෙම දැනුම් දිම් මත ප්‍රකාශයක් ලබා  දිම අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට නොපැමිණිම සම්බන්ධයෙන් අද දින අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මෙම මස 27 වන දින උදෑසන 9ට හිටපු අමාත්‍යවරයාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටින ලෙස මහේස්ත්‍රාත්තුමා නොතිසි නිකුත් කර තිබේ.

Recommended For You

About the Author: Editor