ක්‍රිකට් තහනම් වූ ශකීබ්ගේ ගෙදරට කොරෝනා නිදහසේ ඇතුළු වෙයි

මේ වන විට ජාත්‍යන්තර තරඟ තහනමකට ලක්ව සිටින ලොව හොඳහ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දීර්ඝ කාලයක් සේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි හිටපු බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් ගේ පියා ද කොවිඩ් 19 ආසාධනයට ගොදුරු වී තිබෙන බව විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කොවිඩ් 19 හේතුවෙන් බංගලාදේශයේ 2500 ට වැඩි පිරිසක් මේ වන විටද ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ නිසා රටේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයන්ට පිහිටවීමට ශකීබ් අල් හසන් පදනම මඟින් කරන ලද සමාජ සත්කාරවලට ද ඔහුගේ පියා වන මස්රූර් රේෂා සහභාගි වී තිබේ.  කෙසේ හෝ මෙම වෛරසය ශකීබ්ගේ පියා සේවය කරන බැංකුවේ පිරිසකටද ආසාධනය වී ඇති බව වාර්තා වෙන අතර මේ තත්ත්වය හමුවේ පවුලම මේ වෛරසයේ අවදානමට ලක් වීමට ඉඩ ඇති තත්ත්වයක් උදා වී තිබෙන අතර ඔහුගේ මව ද මේ වන විට අදාළ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බව වාර්තා වේ.

බංගලාදේශ කණ්ඩායමට නායකත්වය දෙන පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වන මස්රාෆ් මොර්ටාසා ද මෛ වෛරස් ආසාධනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් අතර ආරම්භක පිතිකරු වන බංගාදේශයට නායකත්වය ලබා දුන් තවත් ක්‍රීඩකයෙක් වන තමීම් ඉක්බාල්ගේ සොහොයුරාටද මෙම වෛරසය ආසාධනය වී ඇත.

බංගලාදේශ ක්‍රිකට් නායකයන් සහ ඔවුන්ගේ පවුල් මේ තත්තවයට මුහුණ දීම තුළ කියැවෙන්නේ බොහෝ සෙයින් දරිද්‍රතාවය ඇති සහ පොදු පහසුකම් යහපත් මට්ටමක නැති බංගලාදේශයේ සුපිරි ජීවිතයකට හිමිකම් කියද්දී ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවුල් ආක්‍රමනය කිරීම යනු එම වෛරසය සමාජයේ පැතිරී ඇති බවට හොඳ සාක්ෂියකි.

දැනට 2.07453 ක් කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ප්‍රමානය 2.668 කි.අවසාන දත්ත වාර්තාවලට අනුව කරන ලද අවසාන පරික්ෂණ 6,116 න් 2,928 ක් කොවිඩ් 19 ආසාධිතයන් වී තිබීම බලපෑමේ තත්ත්වය ඉහළ යාමක් ලෙස එම විදෙස් මාධ්‍ය අනාවරනය කරන්නේය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor