පුත්තලමේ ලුණු ටොන් 7500ක් වැස්සට සේදෙයි

හදිසියේ ඇද හැලුන මහා වර්ෂාවෙන් පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ යල කන්නයේ අස්වැන්න සේදි ගිය බව පවසයි.

පුත්තලම ලුණු වගාකරුවන් පවසන්නේ මේ හේතුවෙන් වෙළඳපොළට පැමිණිමට තිබු රුපියල් කෝටි  සිය ගණනක  ටොන් 7500 කට ආසන්න වර්ෂාව හේතුවෙන් අහිමි කර ඇති බවයි .

නමුත් වැස්සට පෙර හා මේ වනවිට වගාකරුවන් යෙදු විවිධ උපක්‍රම නිසා ටොන් 1,000 ක් පමණ අස්වැන්නක් ආරක්ෂා කර ගැනිමට හැකිව ඇති බව වගාකරුවන් පවසති.

එසේම පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ අක්කර 2000ක පමණ වගාකරුවන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් ලුණු කර්මාන්තයේ නිරත වි සිටින බව කියයි.

Recommended For You

About the Author: Editor