නවදිල්ලි අගනුවර මුළු ජනගහණයෙන් 25% කොවිඩ් ආසාධනය වෙයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර මුළු ජනගහණය 19.8 මිලියන වන අතර නවතම පරීක්ෂණ වලින් 25 % පමණ එනම් මිලියන 4.65ක් හෙවත් ලක්ෂ 46 පමණ පිරිසකට covid 19 අසාදිත වීය යුතුව ඇතැයි හෙළි වී ඇත දැනට නිල වශයෙන් දිල්ලි අගනුවරින් ආසාදිතයින් 123 747 වාර්තා වී ඇත .එය එම නගරයේ ජනගහනයෙන් 1% පමණි.

එහෙත් රජය විසින් දිල්ලි අගනුවර පුද්ගලයින් 21 387 ගේ antibodies පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව හෙළි වුයේ ඔවුන්ගෙන් 23.48% covid 19 antibodies බවයි.. ඒ අනුව හෙළිවන්නේ ඔවුන් පසුගිය වකවානුව තුල නොදැනුවත්වම covid 19 ගොදුරු වී ඇති බවත් එමෙන්ම ඉන් සුවයද ලබා ඇති බවයි..එසේ අසාදිත වූ අයගේ සිරුරු තුල covid 19 antibodies යුක්ත බවයි..එනම් covid 19 එරෙහිව ප්‍රතිශක්තිකරණයෙන් යුක්ත බවයි..ඒ අනුව දැනට විය හැක්කේ දිල්ලි අගනුවර covid 19 ආසාදිතයින් බවට හෙළි වී ඇති ප්‍රමාණය වන 123 427 ඉක්මවා සිටිය යුතු බවත් එය බොහෝ විට ආසන්න ලෙස ලක්ෂ 46 ක් වනු ඇති බවයි.

ඉන්දියාවේ මෙවන් covid 19 antibodies සංගණනයක් සිදු කල ප්‍රථම අවසථාව මෙය වන අතර ඒ හේතුවෙන් දිල්ලි නුවර මෙන්ම ඉන්දියාවේ දැන් දැක්වෙන අසාදිත සංඛ්‍යාව වන ලක්ෂ 11 නොව ඊට වඩා බොහෝ ආසාදිතයින් ඉන්දියාව තුල සිටිය යුතු බවට ද ගවේශකයින් දක්වයි..ඉන්දියාවේ අගනුවර වන දිල්ලිය ප්‍රාන්තය යනු මහාරාෂ්ට්‍රා හා තමිල්නාඩුව ට පසුව වැඩිම ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වූ ප්‍රාන්තය වන අතර පසුගිය සති වලට සාපේක්ෂව මේ වනවිට ආසාදිතයින් සංඛ්‍යාව එම ප්‍රාන්තයෙන් ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් ඇත ..එහෙත් සමස්තයක් ලෙස ඉන්දියාවේ ආසාදිතයින් සංඛාවන් ඉහල යමින් ඇත …මෙයට දින කීපයකට පෙර ඉරානයත් එරට ආසාදිතයින් සංඛ්‍යාව දැනට මිලියන 25 බවට එරට ජනපතිවරයා ප්‍රකාශ කල අතර ඉන්දියාවේත් දැන් ප්‍රකාශිත ආසාදිතයින් ලක්ෂ 11 වඩා බොහෝ සෙයින් වැඩි විය යුතුය ..එය ඉන්දියාවට , ඉරානයට පමණක් නොව ලොව සැම රටකටම පොදුය..ඒ අනුව ආසාදිතයින් බොහෝ රටවල් වල නිල වශයෙන් පැවසෙන සංඛ්‍යාවන් ට වඩා බොහෝ සෙයින් වැඩිය ..

ජෝසප් ඩයස්

Recommended For You

About the Author: Editor