
තම දෙමාපියන්ව ඝාතනය කළ තලේබාන් සාමාජිකයන් දෙදෙනා මරා දමා තවත් කිහිප දෙනකුට තුවාල සිදු කිරීමට ඇෆ්ඝන් දැරියක් සමත්ව තිබෙනවා.මධ්‍යම ඇෆ්ඝනිස්ථානයේ ඝෝර් ප්‍රාන්තයේ ගම්මානයක ගම් නායකයා වූ ඇගේ පියා සොයා ත්‍රස්තවාදීන් පැමිණ ඇත්තේ රජයට සහය දුන් හේතුව මත ඔහුව ඝාතනය කිරීමටයි.
මේ අවස්ථාවේ ඔවුන් ඔහුව ගෙමිදුලට ගෙනවිත් ඇති අතර ඔහුගේ බිරිඳ ඊට විරෝධය දක්වා තිබෙන බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානී හබිබුර්රහමන් මලෙක්සාදා AFP පුවත් සේවයට පවසා තිබුණා.මෙහිදී තලේබාන් ත්‍රස්තයින් ඔවුන් දෙදෙනාටම වෙඩි තබා තිබෙනවා.ඔවුනගේ දියණිය කමාර් ගුල් එම අවස්ථාවේ සිටියේ නිවස තුළයි. පොලිස් ප්‍රධානියා පවසන අන්දමට නිවස තුළ වූ AK-47 අවියකින් ඇය ත්‍රස්තවාදීන් වෙත වෙඩි තබා තිබෙනවා.
ඇගේ දෙමාපියන් මැරූ ඝාතකයින් දෙදෙනා වෙඩි වැදී මියගොස් ඇති අතර පිරිසෙහි වූ කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිස් ප්‍රධානියා පවසන්නේ.මෙම දැරියගේ වයස අවුරුදු 14 ක් – 16ක් පමණ වන බව සඳහන්. ඇය හා ඇගේ බාල සොහොයුරා ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට රජය කටයුතු කළ බව මලෙක්සාදා කියා සිටියා.
