
යුක්‍රේනයේ කීව් අගනුවර මින්ස්කයා මෙට්‍රො නැවතුම්පළ අසළ පිපිරුමක් සිදුවූ බව Kyiv Operativ වෙබ් අඩවිය කියා සිටියා.මෙම පිපිරුමට පෙර ඒ අසළ සැක සහිත සූට්කේසයක් හමුව තිබෙනවා.
ඉන්පසු ජනතාව ඒ අසළින් ඉවත්ව තිබෙනවා.පොලිසිය විසින් මෙම සූට්කේසයේ වූ බෝම්බයක් පුපුරවා හැරිය බවට ද වාර්තා වුණා.මෙම පිපිරුම සිදුවන අවස්ථාවේ ගත්බව කියන වීඩියෝවක් ද Kyiv Operativ විසින් පළ කර තිබුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය අද ලුට්ස්ක් නගරයෙන් වාර්තා වූ ප්‍රාණ ඇපකරු සිද්ධියට සම්බන්ධ බවක් පෙනී නොයන බවයි යුක්‍රේන ආරංචි මාර්ග කියා සිටින්නේ.
