සුඩාන හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහි රාජ්‍යද්‍රෝහී නඩුව ඇරඹේ

සුඩානයේ හිටපු ජනාධිපති ඔමාර් අල්-බෂීර්ට එරෙහිව 1989 දී ඔහු බලය අල්ලාගත් කුමන්ත්‍රණය සම්බන්ධව වන නඩුව අද ඇරඹුණා.මෙහිදී, ඉස්ලාමීය කණ්ඩායම්වල සහයද ඇතිව ඔහු විසින් පැවති රජය පෙරළා දමා බලය අල්ලාගත්තා.

මෙම නඩුවේදී ඔහු වරදකරු වුවහොත් මරණ දණ්ඩනය වුවද පැමිණවිය හැකියි.අල්-බෂීර්ව 2019 අප්‍රේල් මාසයේදී බලයෙන් ඉවත් කරන ලද්දේ මාස ගණනක් තිස්සේ පැවති ජනතා උද්ඝෝෂණ හමුවේයි.බලයෙන් නෙරපන ලද පසු ඔහු සිරභාරයේ පසුවූ අතර ඔහුට එරෙහිව පනවන ලද දූෂණ නඩුවකින් වසර දෙකක සිර දඬුවම් නියම වුණා.

අල්-බෂීර් ඉවත් කර බලය ලබාගත් යුධ හමුදාව සහ ජනතා උද්ඝෝෂණ මෙහෙයවූවන් එක්ව අන්තර්වාර රජයක් පිහිටුවනු ලැබුණා.ඔමාර් අල්-බෂීර්ට එරෙහිව අන්තර්ජාතික අපරාද අධිකරණයේ වරෙන්තුවක් තිබෙනවා. ඩාෆුර් ප්‍රදේශයේ 2000දී සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධව මෙය නිකුත් කෙරුණේ මීට දශකයකටත් පෙරයි. අල්-බෂීර්ව එම අධිකරණය වෙත භාර දීමට නව අන්තර්වාර රජය පෙබරවාරියේදී තීරණය කළා. එහෙත් මෙතෙක් එම තීරණය ක්‍රියාවට නංවා නැහැ.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor