
අගෝස්තු මස 10 වැනිදා සියලුම දරුවන් පාසල්වලට කැඳවීමට අදාළව නව විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
සිසුන් පාසල්වල ස්ථානගත කිරීමට හා ගුරුවරුන් කටයුතු කළ යුතු ආකාරයට අදාළ නව විධිවිධාන මෙම චක්‍රලේඛයට ඇතුළත් වන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් ඊයේ (21 වැනිදා) පැවසීය. දුරස්ථභාවය තබා ගනිමින් සිසුන් පන්තිවල රැඳවීමට ඇතැම් පාසල්වල ඉඩකඩ නොමැති යැයිද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එවැනි පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ විධිවිධාන ද මෙම චක්‍රලේඛයට ඇතුළත් කෙරේ. ලබන 27 වැනිදා සිට එකොළහ, දොළහ සහ දහතුන යන ශ්‍රේණිවල සිසුන් පාසල්වලට කැඳවා ඇති අතර එම ශ්‍රේණීවල සිසුන් හා ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය කලින් නිකුත් කළ චක්‍රලේඛ අනුව කටයුතු කළ යුතු යැයිද නව චක්‍රලේඛය අගෝස්තු මස 10 වැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු යැයිද ඉහත කරුණු දැක්වූ ප්‍රකාශකයා කීවේය.