නොබෙල් භෝජන සංග්‍රහය අවලංගුයි

වසර 50කට වැඩි කාලයකට පසු පළමුවරට “නොබෙල් ත්‍යාග භෝජන සංග්‍රහය” අවලංගු කිරීමට තීරණය කර ඇත. ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් “කොවිඩ්-19” වයිරස වසංගතය පැතිර යෑමේ අවදානම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මේ වසරේ නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කළද භෝජන සංග්‍රහය නොපැවැත්වේ.

සාමාන්‍යයෙන් නොබෙල් ත්‍යාගලාභීන් කලින් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඔවුන්ට හිමි පදක්කම් පැළැඳවීම සහ ත්‍යාග මුදල් ලබාදීම කෙරෙන්නේ දෙසැම්බර් 10 වැනිදා ය. එම උත්සවයෙන් පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී භෝජන සංග්‍රහය පැවැත්වේ.

මෙම භෝජන සංග්‍රහයට සාමාන්‍යයෙන් අමුත්තන් 1,300කට ආසන්න පිරිසක් සහභාගී වේ.

අවසන් වරට නොබෙල් භෝජන සංග්‍රහයක් අවලංගු කෙරුණේ 1956 වසරේදී ය . ඒ සෝවියට් සමූහාණ්ඩුව හංගේරියව ආක්‍රමණය කළ අවස්ථාවේදීය.

The Guardian

Recommended For You

About the Author: Editor