සිරියාවේ අලෙප්පෝ නගරයේ ආසන දෙව් මැදුරක් යළි විවෘත වේ

යුද්ධය හේතුවෙන් වසර කිහිපයක් වසා දමා තිබුණු සාන්ත එලීජා මැරොනයිට් කතෝලික පල්ලිය නැවත විවෘත කර තිබෙනවා.එයට යුද්ධයෙන් සිදුව තිබුණු හානි හේතුවෙන් විවෘත කිරීමට පෙර අලුත්වැඩියා කටයුතු රැසක් කරන්නට සිදු වුණා.

මෙම අලුත්වැඩියා කටයුතු සඳහා ප්‍රධාන වශයෙන්ම මූල්‍ය දායකත්වය ලබාදී ඇත්තේ වතිකානුවයි.සියවස් දෙකක් පැරණි මෙම ආසන දෙව් මැදුර විවෘත කිරීම ජනතාවට බලාපොරොත්තුව දල්වන සහ යළි ඉපදීමක් වැනි වැදගත්කමකින් යුතු කරුණක් බව මැරොනයිට් අගරදගුරු අලෙප්පෝ හි ජෝසෆ් ටොබිජ් පැවසුවා.

2013 දී ඉස්ලාමීය අන්තවාදීන් පොරිසක් මෙයට බරපතල හානි සිදුකර තිබෙනවා. එයින් පසුවද අවස්ථාකිහිපයකම ඊට ප්‍රහාර එල්ල වී ඇතැයි සඳහන් වනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor