ප්‍රාණ ඇපකරුවන් අල්ලාගත් යුක්‍රේන ජාතිකයාගේ අමුතු ඉල්ලීම ඉටු වේ

යුක්‍රේනයේ ලුට්ස්ක් නගරයේ බසයක් එහි මගීන් ද සමග අල්ලාගත් පුද්ගලයා, එරට ජනාධිපති විසින් සිය ඉල්ලීම ඉටු කිරීම හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරියා.

ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගෙන් ප්‍රාණ ඇපකරුවන් අල්ලාගත් පුද්ගලයා ඉල්ලා සිටියේ 2005 දී නිකුත් වූ “Earthlings” චිත්‍රපටය නරඹන ලෙස වීඩියෝ මාර්ගයෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින ලෙසයි.සෙලෙන්ස්කි එම ඉල්ලීම ඒ අයුරින්ම ඉටු කළ අතර ප්‍රාණ ඇපකරුවන්ව මුදාහැරිය සැකකරු පසුව පොලිස් අත් අඩංගුවට පත් වුණා.

පැය නවයක් තිස්සේ පැවති ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිද්ධිය යුක්‍රේනයම ත්‍රාසයෙන් ඇළලීමට සමත් වුණා. Earthlings චිත්‍රපටය ශෝන් මොන්සන්ගේ අධ්‍යක්ෂණයක්. එහිදී සාකච්ඡා කෙරෙන්නේ මිනිසා විසින් වෙනත් සතුන් විවිධ අරමුණු උදෙසා ඇති කිරීම පිළිබඳවයි. චිත්‍රපටයේ විස්තර කථනය කෙරෙන්නේ “ජෝකර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් මෑතකදී ලෝ පතල වූ යෝකින් ෆීනික්ස් විසින්.

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DL5hUKAMDCyw%26fbclid%3DIwAR2ycn8yuqCJ0FEGOlExa-1cINNRpMP3-KYg142ekUj2m-8Mj6UTlaFBX6E&h=AT0hWq-5tQq_ZWGjl4ntalSyTQCE1NqxFyan0QyBZnFUr_-0OCpuYc7KoMk_wc9m9garCVU4iw-uLEedYQfUETnei0_zi3oszkBWxelM0bI9JT1-N1EtMdVapAeUFIQIm6F6Bg

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor