
දේශපාලනඥයින් බොහෝමයක් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයන් ෆේස්බුක් වැනි සමාජජාල ඔස්සේ සිදු කිරීමට කටයුතු කරමින් සිටියි.
ශ්‍රී ලංකාව තුළ දුරකථන භාවිත කරන පිරිසගෙන් 75.54%ක පිරිසක් ෆේස්බුක් සමාජජාලය තුළ සැරිසරන බව Stat Counter Global Stats වෙබ් අඩවියේ 2019 වසරේ ජුනි මාසයේ සිට 2020 වසරේ ජුනි මාසය දක්වා වාර්තා අධ්‍යයනය කිරීම තුළින් දැක ගත හැකිය. ඒ නිසාම දේශපාලනඥයින්ට තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවියක් ඔස්සේ කිරීම තරමක වාසි දායක කටයුත්තක් වී තිබේ.
ඒ අනුව මෙම මැතිවරණ සමයේ දී එලෙස මෙරට දේශපාලනඥයින් විසින් ඡන්දය ප්‍රකාශයට පත් කොට ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ මේ වන විට ඡන්ද දැන්වීම් 13,728ක් ඇමෙරිකානු ඩොලර් 194,843 ක මුදලක් වැය කරමින් ෆේස්බුක් ආයතනයේ පළ කරවා ඇත. මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,61,85,084.12 එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලකි.
මෙම සියලු දත්තයන් ෆේස්බුක් ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එයට හේතුව වී ඇත්තේ පසුගිය කාලය දී ශ්‍රී ලංකා මෙන්ම තවත් බොහෝ රටවල් ප්‍රමාණයක දේශපාලනමය, ආගමික හා සමාජය තුළ වෛරීය ප්‍රකාශයන් හා දේශපාලනමය කාරණයන් බොහෝමයක් මුදල් ගෙවා ප්‍රචාරය කිරීම මඟින් සිදු වු සමාජමය ගැටලුය. ඒ නිසාම ෆේස්බුක් ආයතනයට ඇමෙරිකානු සෙනට් සභාව ඉදිරියේ වග උත්තර බැඳීමටද සිදුවිය.
එම නිසාම ෆේස්බුක් ආයතනය විසින් දේශපාලනමය හෝ එවැනි කාරණයන් සඳහා වූ ෆේස්බුක් පිටුවල දැන්වීම පළ කිරීමේ දී ඒවායේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු බොහෝ විස්තර ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු යොදා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනය විසින් ලෝකයේ ඕනෑම රටක දේශපාලනය හෝ එවැනි අදහස් පළ කරන පිටුවල දත්තයන් සීමිත ප්‍රමාණයක් මෙලෙස ප්‍රසිද්ධ කර තිබේ.