විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ටත් කොරෝනා එන්නත ලබා දෙන ලෙස ඉල්ලීමක්…

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින්, විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ඉල්ලීම් කර ඇති බව සදහන් කරයි.

මේ වනවිටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය ලේඛන යවා ඇති බවත් ඔවුන් අතරින් මේ වනවිට රෝහල්වලට සම්බන්ධව සිටින වෛද්‍ය සිසුන්ට කොරෝනා එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පවසයි.

වෛද්‍ය සිසුන් 4800 ක් පමණ දැනට රෝහල්වලට සම්බන්ධව සිටින බව සදහන් වේ.

Recommended For You

About the Author: Jayani