පළමු ශ්‍රී ලංකා කාන්තා ග්‍රොන්ප්‍රී චෙස් තරඟාවලිය ජූලි 25 දා

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරන පළමු කාන්තා ග්‍රොන් ප්‍රී චෙස් තරඟාවලිය ජූලි 25 වන දින නුගේගොඩ පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේදී ආරම්භ විමට නියමිතව ඇත.

ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට අවස්ථාව හිමි මෙම තරඟාවලියට මේ වන විට ජාතික  සූරියන් ලෙස සිවි වරක් ජාතික සූරිය වී ඇති, සචිනි රණසිංහ සහ දිනුෂ්කි ප්‍රේමනාත් ඇතුළත් කර තිබේ.පළමු වුමෙන් ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයට පත් ක්‍රීඩිකාව වන සචිනි රණසිංහ ට පසු එම අවස්ථාව ලද නෙලුනිකා මෙත්මානි ද,සචිනි සහ දිනුෂ්කි ද මෙම ග්‍රොන් ප්‍රී තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රබල ක්‍රීඩිකාවෝ වෙති.

ඉකුත් වසරේ ජාතික කන්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් අතරින් අශ්විනී පවල්චන්ද්‍රන්,නෙත්මි ප්‍රනාන්දු සහ තරුෂි නික්ලේෂා මෙම තරඟාවලියට සුදුසුකම් ලබා ඇත.යොවුන් දක්ෂතා සහිත ක්‍රීඩිකාවන්ගේන “යන්ග් ස්ටාර්” නම් ප්‍රබේදය අනුව මෙම තරඟයට ක්‍රීඩා කරන් ක්‍රීඩිකාවන් වන්නේ ඔනෙලි වීරවර්ධන,නිමෙන්දි ලිනායා රාමනායක,ප්‍රශංසා ප්‍රේමනාත් සහ සංදීපනි තරුෂි ය.

රුපියල් 70,000 ක මුදල් ත්‍යාග පිරිනැමෙන මෙම චෙස් තරඟාවලියට වයිල්ඩ් කාඩි පදනම මත තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අවස්ථාව ලබැ ගැනීමට හැකියාව ඇති බවද ශ්‍රී ලංකා චෙස් සම්මේලන නිවේදනයේ දැක් වේ.මීට සමගාමීව පැවති 7 වන ශ්‍රී ලංකා පිරිමි චෙස් ග්‍රොන්ප්‍රී තරඟාවලිය ජූලි 19 දා නිමාවට පත් වූයේ එහි සූරතාවය කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවෙක් වන තුෂල් ද සිල්වාට සූරතාවය හිමි කර දෙමින්ය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor