
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යොත්සවය අද (13) පෙරවරුවේ පැවැත්වූ බව වාර්තා වේ.
බෙල්ලන්විල බෝධීන් වහන්සේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධී අංකුරයකින් රෝපිත බව සඳහන්ය.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි මෙන්ම මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහ සංඝරත්නය සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.