
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දෝෂාභියෝගය පිළිබඳ නඩු විභාගයේ අවසන් තීරණය පිළිබඳ ඡන්ද විමසීම මීට ස්වල්ප වෙලාවකට පෙර පැවතුණා. එහිදී ට්රම්ප් නිර්දෝෂ කරනු ලැබුණා.
සෙනට් සභාවේ සභිකයින් 57 දෙනකු ඔහුව වරදකරු ලෙස නම් කළ අතර 43 දෙනකු ඔහු නිවැරදිකරු බව ප්රකාශ කළා.
ට්රම්ප් ජනවාරි 6 වනදා සිදුවූ කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමේදී කැරලි ගැසීමට උසි ගැන්වූ බවයි ඔහුට එරෙහි චෝදනාව වූයේ.