
දිවයින පුරා කළ මෙහෙයුමකින් බීමත් රියදුරන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3880 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. මෙම මෙහෙයුම් වලට පොලිස් ස්ථාන 494 ක නිලධාරීන් 16894 ක් දීපව්‍යාප්තව ඊයේ දිනයේ දී සහභාගි වී තිබේ.
ඒ අතර බීමත් රියැදුරන් 518 දෙනෙකු ද මත්පැන් හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 983 දෙනෙකුද මෙහෙයමුමේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එමෙන්ම වරෙන්තුකරුවන් 1572 දෙනෙකු හා විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයින් 127 ක් ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සංඛ්‍යාව 8 කි.