
පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන්ගේ පාසල් කඩඉම් ලකුණු ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කළ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙන බව වාර්තා වේ.
එම වාර්තාවෙන් කඩඉම් ලකුණු මට්ටම අඩු කිරීමෙන් සිදුවිය හැකි ගැටලු හා ඒවා මගහරවා ගැනීම සඳහා ගත යුතු පිළියම්ද යෝජනා කර ඇති අතර එතෙක් පාසල් කඩඉම් ලකුණු මත ශිෂ්‍යත්ව විභාගය සමත්වූවන් 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම අත්හිටුවා ඇති බව බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් කඩඉම් ලකුණු ගැටලුවට පන්තිවල සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම පිළියමක් නොවන බවත් මෙම වාර්තාව අධ්‍යයනයෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය තීරණයක් ගනු ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.