ඊයේ (13) රාත්‍රීයේ දී වැල්ලවත්තේ ගොඩනැඟිල්ලකින් පුද්ගලයෙක් වැටී මිය යයි…

ඊයේ (13) රාත්‍රී 7.40ට පමණ වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් පුද්ගලයෙකු වැටී තිබෙන බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ සේවය කරන අයෙකු නොවන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහුව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර කොළඹ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Recommended For You

About the Author: Jayani