
විස්ඩන් සඟරාව මඟින් අනාගතය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරිව නම් කරන ලද අවුරුදු 25 න් පහළ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තෝරා ගෙන ඇත්තේ කුසල් මෙණ්ඩිස් පමණය.ඔහුට එම කණ්ඩායමේ අංක තුන ස්ථානයේ පිතිකරු වගකීම පවරා ඇත.
පකිස්තානු ක්‍රීඩක බාබර් අසීම්ගේ නායකත්වයෙන් යුතු එම කණ්ඩායමට පකිස්තානයෙන් වේග පන්දු යවන ක්‍රීඩක සහීන් අෆ්රිඩී ද ඇතුළත් කර ඇත.කණ්ඩායමේ ආරම්භක පිතිකරු වගකීම පැවරී ඇත්තේ.දකුණු අප්‍රිකානු කන්ඩායමේ ඒඩන් මාක්රාම් ට සහ එංගලන්තයේ ඩොම් සිබ්ලි ට ය.එංගලන්තය වෙනුවෙන් සිබ්ලිට අමතරව ඔලී පොප්,සෑම් කරන සහ ජොෆ්රා ආචර් ද මෙම කණ්ඩායමට නම් කර තිබේ.
ඉන්දියාවෙන් මෙම එකලොස් දෙනා අතරට ගෙන ඇත්තේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් පමණි.ඇෆ්ගනිස්තානයේ සුපිරි දඟ පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ද මෙම කණ්ඩායමේ සාමාජිකයෙකි.ආරම්භක පන්දු පිතිකරු වගකීම දකුණු අප්‍රිකාවේ මාක්රාම් ට පවරන ආකාරයෙන්ම ආරම්භක පන්දු යැවීමේ වගකීම ද දකුණු අප්‍රිකාවට පවරා ඇත.ඒ ඒ කාගිසෝ රබාඩා කණ්ඩායමට කැඳවමින්ය.
