
අද දිනයේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු ආසාදිතයින් 15 දෙනා සමගින් බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වාර්තා වේ.
බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ ඔවුන් 15 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිමි සැකකරුවන් බවයි .
බන්ධනාගාර සමස්ථ ආසාදිතයින්ගෙන් 4,373 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙන අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 155 කි